ස්වයං වින්දනය මඟින් ශරීරයට බලපෑමක් ඇති වේද?


ලිංගික ආශ්වාදයක් ලැබීමට, තමා විසින්ම ලිංගේන්ද්‍රිය අතින් පිරිමැදගනිමින් හෝ උපකරණ භාවිතයෙන් (බොහෝ අවස්ථාවලදී සුරාන්තය දක්වා) උත්තේජනය කිරීම ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. ස්වයං
වින්දනයේ යෙදීම හේතුවෙන් කායික හෝ මානසික හෝ ගැටලු ඇතිවන බවට සාධක නොපවතින අතර නවීන වෛද්‍ය විද්‍යාවට අනුව ස්වයං වින්දනයේ යෙදීම යහපත් බව පිළිගනී.
සාමාන්‍ය අයෙකු ලිංගික උත්තේජනයට සංවේදී පෙදෙස් උත්තේජනය කරමින් තෘප්තියක් ලැබීම අරඹන්නේ වයස අවුරුදු 2 - 4 පමණ කාලයේ පටන් ය​. නමුත් දෙමාපිය විරෝධය වැනි හේතු සාධක නිසා යටපත්ව යන එම ක්‍රියාකාරකම් වැඩිවිය පැමිණීමත් සමඟ ම නැවත ඉස්මතු වේ.

උපුටා ගැනීම: විකිපිඩියා නිදහස් විශ්ව කෝෂය
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment