එක රැුයෙන් මුහුණේ බ්ලැක් හෙඞ්ස් නැති කර ගමු




හුගක් අයට තියෙන කරදරයක් තමයි බ්ලැක් හෙඞ්ස්. මෙය කුරුලෑ වල මුලික අවදියද වන නිසා බ්ලැක් හෙඞ්ස් ඇතිවීම් පාලනය කරන්නට පුලූවන්නම් වඩා හොදයි. බ්ලැක් හෙඞ්ස් සැදීමට ප‍්‍රධාන හේතු ලෙස දක්වන්නේ දුම්පානය, දහදිය, ආතතිය, සමේ රෝග, කෆෙන් හෝ මද්‍යසාර හෝ රුපලාවන්‍ය ආලේපනයි. අසාමාන්‍ය ලෙස ස්නෙහය ශ‍්‍රාවය හා නොයෙක්
රුපලාවන්‍ය ආලේපන සමේ විවර අවහිර කර බ්ලැක් හෙඞ්ස් ඇතිවීම ආරම්භ කරයි.

ඔන්න එහෙනම් ඔයාලත් බ්ලැක් හෙඞ්ස් වලින් කරදර වෙනවනම් ගෙදරදීම හද ගන්න පුළුවන් ඒ වගේම ඉතා ඉක්මනින් බ්ලැක් හෙඞ්ස් නැතිකර ගන්න පුළුවන් ක‍්‍රම කීපයක් අද අපි කියල දෙනවා. හදලා බලලා කියනකො ප‍්‍රතිපල.

1. ලූණු ලෙමන් සහ වතුර

ලෙමන් යුෂ මේස හැදී ඃ ක් වතුර මේස හැදී 1ක් සහ ලූණු මේස හැදී 1ක් එකට මිශ‍්‍ර කරන්න.

බ්ලැක් හෙඞ්ස් ඇති තැන්වල අලේප කර විනාඩි 2-4ක් මසාජ් කරන්න. ඉන්පසු මද උණු වතුරුන් සෝදා හරින්න. ඉන්පසු ටික වෙලාවකින් මුහුණ සිසිල් වතුරින් සෝදන්න. මෙයින් සමේ ඇරුණු කූපයන් නැවත වසා දමයි.

ලූණු සහ ලෙමන් වල ආම්ලික සහ බැක්ටීරියා විරෝධී ගුණ සමේ කූපයන් අවහිර වීම වලක්වයි.

2. තක්කාලි

තක්කාලි ගෙඩියක් මිරිකා යුෂ් ගෙන ආලේපනය ලෙස යොදන්න. එයින් බ්ලැක් හෙඞ්ස් වියලීමට පත්වී ගැලවී යයි.

3. බිත්තර සහ මීපැණි

බිත්තර සුදු මදය සමග මීපැණි මේස හැදී 1ක් මිශ‍්‍ර කර අලෙපනයක් සද ගන්න. අවශ්‍ය තැන්වල අලේප කර විනාඩි 30ක් වේලෙන්නට හරින්න. ඉන්පසු මද උණු වතුරුන් සෝදා හරින්න.


4. බේකින් සෝඩා

වතුර බින්දු කීපයක් බේකින් සෝඩා ටිකකට එකතුකර ආලේපනය සාදා ගන්න. අවශ්‍ය තැන්වල එය ගලවා සමට හානියක් නොවන ලෙස හිමින් මසාජ් කරන්න. ඉන්පසු මද උණු වතුරුන් සෝදා හරින්න.

ඔයාලට මෙම මිශ‍්‍රණ හදා ගෙනද බ්ලැක් හෙඞ්ස් වලට ප‍්‍රතිකාර කරන්න පුළුවන්.

- ලෙමන් යුෂ සහ ඔලිව් ඔයිල්
- ඇපල් සීඩර්
- ග‍්‍රීන් ටි කොළ සහ වතුර
- යෝගට් සහ ඔටාමිල් (ද්එපැ්ක*
- දත් බෙහෙත්
- ලෙමන් යුෂ සහ කුරුදු කුඩු

මුහුණ හෙම වෙලේම අල්ලන්නේ නැතිව සිටීම, මුහුණ හොදින් පිරිසිදුව තබා ගැනීම මෙන්ම කොට්ට සහ ඇද ඇතිරිලි නිරතුරුව සෝදා පිරිසිදුව තබා ගැනීමද බ්ලැක් හෙඞ්ස් වැනි සමේ කරදර වලින් මිදී සිටීමට උදවු වේ.
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment