සමාජ ජාල වෙබ්අඩවි මගින් ලිංගාශ‍්‍රිත රෝග බෝවීමේ අවදානමක්


සමාජ ජාල වෙබ්අඩවි භාවිතා කරන පිරිස ශීග‍්‍රයෙන් වැඩිවීමත් සමග අන්තර්ජාලයේ සේවාවන් පුළුල්වී තිබෙනවා. එමෙන්ම සහකරුවන් හා සහකාරියන් සමාජ ජාල වෙබ්අඩවිය ඔස්සේ හදුනාගෙන ලිංගිකව ඇසුරු පැවැත්වීම හා ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් සමාජ ජාලයන් ඔස්සේ තම ගනුදෙනු කරුවන් සොයාගැනීම මගින් ලිංගාශි‍‍්‍රතව බෝවන රෝගයන් වලට ගොදුරුවන බවට වාර්තාවී තිබෙනවා.

ලිංගාශි‍‍්‍රතව බෝවන රෝග ව්‍යාප්තිය වර්ධනයට සහකරුවන් සොයා දෙන වෙබ් අඩවි හේතුවන බව සොයාගෙන තිබෙනවා. ඇමරිකාව තුළ ලිංගාශ‍‍්‍රිතව බෝවන රෝගවල ව්‍යාප්තයේ සීඝ‍‍්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව වාර්තා වේ. සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ සමාජ ජාල වෙබ්අඩවි හරහා සහකරුවන් සොයා දෙන නවතම ක‍්‍රමයන් මගින් ලිංගික රෝගී තත්වයේ වර්ධනයට රුකුල් දී ඇති බවයි.

2013 සහ 2014 කාලසීමාව තුළ රෝඕස් දිවයින තුළ ලිංගාශ‍‍්‍රිතව බෝවන රෝග ව්‍යාප්තිය පිළිබඳව ප‍‍්‍රාන්ත බලධාරීන් විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව 30%කින් ගොනෝරියා හා 33%කින් එච්.අයි.වී වෛරස් ආසාදනයන් වර්ධනය වී ඇති අතර සිෆිලිස් රෝගය 79%ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.

අනෙක් ප‍‍්‍රජාවන්ට වඩා ලිංගිකව එක්වන සමලිංගික හා ද්විලිංගික පිරිමින් අතර ලිංගාශ‍‍්‍රිත බෝවන රෝග වැඩි වේගයකින් ව්‍යාප්ත වන අතර අප‍‍්‍රිකා ඇමරිකානු, හිස්පැනික් හා තරුණ වැඩිහිටි ජනගහනයන් මෙම තත්වයට වැඩි වශයෙන් මුහුණ පා ඇතැයි හෙළිවී තිබේ. පසුගිය වසර කිහිපය තුළ සමාජ ජාල භාවිතයෙන් බොහෝ විට නාඳුනන ලිංගික සහකරුවකු සොයාගැනීමට පහසුවී තිබීම මෙම තත්වයට වැඩි වශයෙන් හේතුවී ඇති බව රෝඕස් දිවයින් බලධාරීන්ගේ අදහසයි.

තම පෙම්වතිය හෝ පෙම්වතා සමග ලිංගිකව හැසිරීමේදී එහි රසවාදයේ අඩුවීමක් ඇතිවනවා සිතා කොන්ඩම් භාවිතා නොකිරීම, ලිංගික සහකරුවන් හා සහකාරියන් කිහිප දෙනෙකු සිටීම මෙන්ම මත්ද‍්‍රව්‍ය හෝ මධ්‍යසාර බලපෑම තුළ ලිංගික චර්යාවන්හි නිරතවීම මගින්ද මෙවැනි රෝග වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බව පැවසේ.
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment